මියන්මාර අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් 12 ට සිදු වු දේ

මියන්මාර මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී, මියන්මාර බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව, වසර 6ක සිරදඬුවමකට ලක්ව සිටි ශ්‍රීලංකේය ධීවරයින් 12 දෙනාට මියන්මාර අධිකරණය විසින් නිදහස ලබා දී ඇත.

කෙටි නිවාඩුවකට සියරටට පැමිණ සිටින මියන්මාරයේ ශ්‍රීලංකා තානාපති මහාචාර්ය නලීන්ද සිල්වා මහතාගෙන් අප සහොදර ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත වන The Sunday Morning කළ විමසුමකදී මියන්මාර රජය විසින් ශ්‍රීලංකේය ධීවරයින් 12දෙනාට නිදහස ලබා දී ඇති බව සනාථ කොට ඇත.

ධීවරයින් මේවන විට මියන්මාරයේ ශ්‍රීලංකා මෙහෙයුම් නිලදාරින් යටතේ සිටින අතර පෙරලා සියරටට පැමිනීම සදහා මියන්මාර රජයේ නිල පිටුවහල් කිරීමේ නියෝගය ලැබෙනකතක් බලාසිටී. ශ්‍රීලංකා රජය ධීවරයින්ට සමාව ලබාදෙන ලෙස මියන්මාර බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Mission Msg No. 233 dated 17A
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?