මියගිය පැටවාගේ සිරුර හිස මත තබාගෙන පිහිනන තල්මස් මව

තම මියගිය අලුත උපන් පැටිවාගේ සිරුර හිස මත තබාගෙන සැතපුම් 1,000ට වඩා වැඩි දුරක් පිහිනා යන තල්මස් මවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වොෂිංටන් ප්‍රාන්තයේ තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය පැවසුවේ ටෙල්ක්වා ලෙස ප්‍රසිද්ධ මෙම තල්මස් මවගේ පැටියා අලුත් අවුරුදු දා මියගොස් ඇති බවයි.

මෙම තල්මස් මව ඇයගේ පැටියා සමඟ පසුගිය දෙසැම්බර් 20 වනිදා පළමුවරට නිරීක්ෂණය වූ බවත්, එම අවස්ථාවේ පැටියා ජීවතුන් අතර සිටි බවත් වොෂිංටන් ප්‍රාන්තයේ තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් පසුගිය පළමුවනදා මෙම තල්මසා තම පැටවාගේ මියගිය සිරුර හිස මත තබාගෙන සියැටල් මුහුදේ පිහිනන අයුරු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් ඡායාරූප ගතකර තිබෙනවා.

මීට පෙර ද 2018 වසරේ දී මෙම තල්මස් මව මේ ආකාරයෙන්ම මියගිය තම පැටවාගේ සිරුර හිසෙන් තල්ලු කරමින් දින 17ක් සැතපුම් දහස් ගණනක් පීනා ඇති බවටයි තොරතුරු ආනාවරණය වී ඇත්තේ.

ඇයට මේ වනවිට ලේඛනගත පැටවුන් දෙදෙනෙකු අහිමි වී ඇති අතර, ඔවුන් දෙදෙනාම ගැහැණු සතුන් බවයි වාර්තා වුණේ.

මෙම තල්මස් මවගේ පළමු පැටවා මීට වසර 14 කට පෙර උපත ලැබූ අතර, තවමත් එම සත්වයා ජීවතුන් අතර සිටින බවයි පර්යේෂකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
29
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26