මියගිය පැටවාගේ සිරුර හිස මත තබාගෙන පිහිනන තල්මස් මව

තම මියගිය අලුත උපන් පැටිවාගේ සිරුර හිස මත තබාගෙන සැතපුම් 1,000ට වඩා වැඩි දුරක් පිහිනා යන තල්මස් මවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වොෂිංටන් ප්‍රාන්තයේ තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය පැවසුවේ ටෙල්ක්වා ලෙස ප්‍රසිද්ධ මෙම තල්මස් මවගේ පැටියා අලුත් අවුරුදු දා මියගොස් ඇති බවයි.

මෙම තල්මස් මව ඇයගේ පැටියා සමඟ පසුගිය දෙසැම්බර් 20 වනිදා පළමුවරට නිරීක්ෂණය වූ බවත්, එම අවස්ථාවේ පැටියා ජීවතුන් අතර සිටි බවත් වොෂිංටන් ප්‍රාන්තයේ තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් පසුගිය පළමුවනදා මෙම තල්මසා තම පැටවාගේ මියගිය සිරුර හිස මත තබාගෙන සියැටල් මුහුදේ පිහිනන අයුරු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් ඡායාරූප ගතකර තිබෙනවා.

මීට පෙර ද 2018 වසරේ දී මෙම තල්මස් මව මේ ආකාරයෙන්ම මියගිය තම පැටවාගේ සිරුර හිසෙන් තල්ලු කරමින් දින 17ක් සැතපුම් දහස් ගණනක් පීනා ඇති බවටයි තොරතුරු ආනාවරණය වී ඇත්තේ.

ඇයට මේ වනවිට ලේඛනගත පැටවුන් දෙදෙනෙකු අහිමි වී ඇති අතර, ඔවුන් දෙදෙනාම ගැහැණු සතුන් බවයි වාර්තා වුණේ.

මෙම තල්මස් මවගේ පළමු පැටවා මීට වසර 14 කට පෙර උපත ලැබූ අතර, තවමත් එම සත්වයා ජීවතුන් අතර සිටින බවයි පර්යේෂකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
29
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?