AFC Banner
AFC Banner
Empty Ad

මියගිය ඇත් පැටවෙකුගේ සිරුරක් රක්ෂිතයකින් හමුවෙයි (ඡායාරූප)

තඹුත්තේගම සඳසිරිගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුල තිබී වෙඩි වැදී මියගිය බවට සැක කෙරෙන ඇතෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ක් 9ක් අතර වයසක පසුවන උස අඩි 7ක් පමණ වන ඇතෙක්.

මෙම සත්වයාගේ දළ යුගළය අඩි 2යි අගල් 2ක් පමණ දිගට වැඩී තිබෙනවා.

රෝගී වී අසාධ්‍ය තත්වයේ සිටින ඇත් පැටවෙකු සිටින බවට ඔරුගලයාය ගම්වාසීන් කළ දැනුම්දීමක් මත තඹුත්තේගම වනජීවී කාර්යාල නිලධාරින් පෙරේදා පස්වරුවේ එම සත්වයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත් ඇත් පැටවා සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැති අතර ඊයේ පස්වරුවේ රක්ෂිතයේ තිබී මෙම සිරුර සොයාගෙන තිබෙනවා.

ඇත් පැටවාගේ පාදයක වෙඩි ප්‍රහාරයකින් සිදුවූ තුවාලයක් ඇති අතර එම තුවාලය හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවටයි වනජීවී නිලධාරීන් විශ්වාසය පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?