AFC Banner
AFC Banner
Empty Ad

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සීනි සහ සීනි පැණි තොගයේ වටිනාකම රුපියල් කෝටි 8කට අධික බව එම බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයට ලද තොරතුරක් මත අද (06) එම වැටලීම සිදුකර තිබේ.

එම ස්ථානයේ තිබී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 625,000ක් සහ සීනි පැණි පිරවූ ලීටර් 210 යකඩ බැරල් 218ක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබේ.

එලෙස සොයා ගත් භාණ්ඩ සහ අත්අඩංගුවටගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරින් වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?