මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සීනි සහ සීනි පැණි තොගයේ වටිනාකම රුපියල් කෝටි 8කට අධික බව එම බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයට ලද තොරතුරක් මත අද (06) එම වැටලීම සිදුකර තිබේ.

එම ස්ථානයේ තිබී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 625,000ක් සහ සීනි පැණි පිරවූ ලීටර් 210 යකඩ බැරල් 218ක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබේ.

එලෙස සොයා ගත් භාණ්ඩ සහ අත්අඩංගුවටගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරින් වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18