මිනිස්සුන්ට දෙයක් කරන්න මගේ හිතේ තියෙනවා – යුරේනිත් දේශපාලනයට?

රංගන ශිල්පිනියක්, ගායිකාවක් එසේම නිවේදිකාවක් විදියටත් ලංකාවෙ කවුරුත් දන්න හඳුනන රුවැත්තිය යුරේනි නොෂිකා මේ දිනවල අලුත් වැඩකටයුත්තකට සුදානම් වෙන බව දැනගන්නට ලැබුණා.

ඒ පිළිබඳව සහ ඇගේ අනිත් වැඩකටයුතු පිළිබඳවත් ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළා කතාබහක් තමයි මේ…

යුරේනි වෘත්තීය මට්ටමින් රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුළුවන් ද? 

ඔව් මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්. ඒත් බොහෝ වෙලාවට රංගනයට වඩා නිවේදනය තමයි මම කරන්නෙ.

වෘත්තීයමය රංගන ශිල්පිනියක් වූ බව සීමීත නිර්මාණ ප්‍රමාණයකින් දකින්න ලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

මට නිර්මාණවලට ලොකුවට ආරාධනා ලැබෙන්නෙ නැහැ. හේතුව සමහර වෙලාවට මගේ අයකිරීම් වැඩි නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නිර්මාණයක් ලියනකොට මේකට යුරේනිවම තමා ගැළපෙන්නෙ කියලා හිතන සුළු පිරිසක් මට කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම ලැබෙන වැඩ අතරින් සීයට අනූවක් විතර වැඩ මම කරනවා.

අනික මම කැමතිත් නිර්මාණ අඩුවෙන් ලැබෙනවට. මොකද මම ආස නෑ මගේ මූණ ඕනී එකටයි එපා එකටයි දාලා අගයක් නැති වෙනවට. මිනිස්සුන්ට වුණත් මතක තියන දෙයක් තමයි කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන්නෙ නැති නිර්මාණ පනහක් සීයක් කරනවට වැඩිය හොඳ නිර්මාණ එකක් දෙකක් කරලා මතකයේ රැඳෙන එක මට වටිනවා.

රංගනය හා නිවේදනයට අමතරව ඔබ නියැළෙන ක්ෂේත්‍ර තිබේනවාද ? 

කෝපරේට් වැඩ, මාකටින්, සෝෂල් මීඩියාවලින් කම්පැනිවලට දෙන ප්‍රමෝෂන් වගේ දේවල්.

ලංකාවේ පොහොසත්ම රංගන ශිල්පිනිය යුරේනි බව කියන්නෙ ඇත්තද? 

සමහර මිනිස්සුන්ට ලැබීම් කියන දෙයක් තියනවා. මම ගොඩක් වෙලාවට ඒක විශ්වාස කරනවා. ලැබීම් කියන දෙය අපි ඉපදෙනකොටම මේ ලෝකෙට අරන් එන දේවල්. මම දන්නෙ නැහැ මම මේ ෆීල්ඩ් එකේ අනිත් අයට වඩා පොහොසත්ද කියලා. ආර්ථික වශයෙන් මම යම් ස්ථාවරත්වයක ඉන්නවා. ඒක සාපේක්ෂව කොහොමද කියන්න මම දන්නෙ නැහැ .

මේ හැමදේම ඔබට ලැබුණේ රංගනයෙන් විතරක්මද? 

අනිවාර්යයෙන් රංගනය නිසයි මට මේ හැමදෙයක්ම ලැබුණේ. මාව ජනප්‍රිය වුණේ රංගන ශිල්පිනියක් වුණු නිසයි. රංගනය අඩුවෙන් කළත් මම ආසම රංගනයට. දෛවයේ මොකක් හරි එකකට දැන් ගොඩක්ම කෙරෙන්නෙ නිවේදනය. නමුත් මේ හැමදේම ලැබුණේ රංගනයෙන් නිසා මම ඒකට ස්තූතිවන්ත වෙනවා.

ජීවිතේ ආපු ගමන තුළ හැබෑ වූ හීන ගොඩක් ඇති? 

ගොඩක් හීන හැබෑ වුණා. එකක් තමා නිදහස. කාටවත් කරදරයක් නොවී මගෙ දෙපයින් නැගිටලා ඉන්න, සාර්ථක පුද්ගලයෙක් වෙන්න…. ඒ හැමදෙයක් ගැනම මම හීන දැක්කා පොඩි කාලේ ඉඳලම. ඉන්ඩ්‍රස්ටි එකේ යුරේනි නොෂිකා කියන නමින් සාර්ථක වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි මේ ආපු ගමන ගැන.

යුරේනි කැමති ජිවිතේ බෙදා ගන්නද තනියම ජීවත් වෙන්නද ? 

මම දන්නෙ නැහැ අනාගතයෙදි මොනා වෙයිද කියලා. අදින් දවස් 30ක් ගිහිල්ලා මට මොනා හිතෙයිද කියලත් මම දන්නෙත් නැහැ. මේ මොහොතේ මේ ඉන්න වකවානුව ගැන කතා කළොත් මම කැමතියි තනියම ඉන්න. සමහර මිනිස්සු මේ ලෝකෙට එන්නෙ තමන් වෙනුවෙන් නෙමෙයි. මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්මයි. සමහර අය එනවා බැඳලා ළමයි හදනවා එච්චරයි. මම ජීවත් වෙන්නෙ බැඳලා ළමයි හදන්න විතරක්ම නෙවෙයි. මට ඊට වඩා ලොකු දෙයක් කරන්න තියනවා කියන හැඟීම මගේ හිතේ තියනවා අනිත් මිනිස්සු වෙනුවෙන්. මම ගොඩක්ම කැප වෙන්නෙ ඒකට.

සචිනි ඉමල්ශා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?