මිනිස්සුන්ට දෙයක් කරන්න මගේ හිතේ තියෙනවා – යුරේනිත් දේශපාලනයට?

රංගන ශිල්පිනියක්, ගායිකාවක් එසේම නිවේදිකාවක් විදියටත් ලංකාවෙ කවුරුත් දන්න හඳුනන රුවැත්තිය යුරේනි නොෂිකා මේ දිනවල අලුත් වැඩකටයුත්තකට සුදානම් වෙන බව දැනගන්නට ලැබුණා.

ඒ පිළිබඳව සහ ඇගේ අනිත් වැඩකටයුතු පිළිබඳවත් ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළා කතාබහක් තමයි මේ…

යුරේනි වෘත්තීය මට්ටමින් රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුළුවන් ද? 

ඔව් මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්. ඒත් බොහෝ වෙලාවට රංගනයට වඩා නිවේදනය තමයි මම කරන්නෙ.

වෘත්තීයමය රංගන ශිල්පිනියක් වූ බව සීමීත නිර්මාණ ප්‍රමාණයකින් දකින්න ලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

මට නිර්මාණවලට ලොකුවට ආරාධනා ලැබෙන්නෙ නැහැ. හේතුව සමහර වෙලාවට මගේ අයකිරීම් වැඩි නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නිර්මාණයක් ලියනකොට මේකට යුරේනිවම තමා ගැළපෙන්නෙ කියලා හිතන සුළු පිරිසක් මට කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම ලැබෙන වැඩ අතරින් සීයට අනූවක් විතර වැඩ මම කරනවා.

අනික මම කැමතිත් නිර්මාණ අඩුවෙන් ලැබෙනවට. මොකද මම ආස නෑ මගේ මූණ ඕනී එකටයි එපා එකටයි දාලා අගයක් නැති වෙනවට. මිනිස්සුන්ට වුණත් මතක තියන දෙයක් තමයි කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන්නෙ නැති නිර්මාණ පනහක් සීයක් කරනවට වැඩිය හොඳ නිර්මාණ එකක් දෙකක් කරලා මතකයේ රැඳෙන එක මට වටිනවා.

රංගනය හා නිවේදනයට අමතරව ඔබ නියැළෙන ක්ෂේත්‍ර තිබේනවාද ? 

කෝපරේට් වැඩ, මාකටින්, සෝෂල් මීඩියාවලින් කම්පැනිවලට දෙන ප්‍රමෝෂන් වගේ දේවල්.

ලංකාවේ පොහොසත්ම රංගන ශිල්පිනිය යුරේනි බව කියන්නෙ ඇත්තද? 

සමහර මිනිස්සුන්ට ලැබීම් කියන දෙයක් තියනවා. මම ගොඩක් වෙලාවට ඒක විශ්වාස කරනවා. ලැබීම් කියන දෙය අපි ඉපදෙනකොටම මේ ලෝකෙට අරන් එන දේවල්. මම දන්නෙ නැහැ මම මේ ෆීල්ඩ් එකේ අනිත් අයට වඩා පොහොසත්ද කියලා. ආර්ථික වශයෙන් මම යම් ස්ථාවරත්වයක ඉන්නවා. ඒක සාපේක්ෂව කොහොමද කියන්න මම දන්නෙ නැහැ .

මේ හැමදේම ඔබට ලැබුණේ රංගනයෙන් විතරක්මද? 

අනිවාර්යයෙන් රංගනය නිසයි මට මේ හැමදෙයක්ම ලැබුණේ. මාව ජනප්‍රිය වුණේ රංගන ශිල්පිනියක් වුණු නිසයි. රංගනය අඩුවෙන් කළත් මම ආසම රංගනයට. දෛවයේ මොකක් හරි එකකට දැන් ගොඩක්ම කෙරෙන්නෙ නිවේදනය. නමුත් මේ හැමදේම ලැබුණේ රංගනයෙන් නිසා මම ඒකට ස්තූතිවන්ත වෙනවා.

ජීවිතේ ආපු ගමන තුළ හැබෑ වූ හීන ගොඩක් ඇති? 

ගොඩක් හීන හැබෑ වුණා. එකක් තමා නිදහස. කාටවත් කරදරයක් නොවී මගෙ දෙපයින් නැගිටලා ඉන්න, සාර්ථක පුද්ගලයෙක් වෙන්න…. ඒ හැමදෙයක් ගැනම මම හීන දැක්කා පොඩි කාලේ ඉඳලම. ඉන්ඩ්‍රස්ටි එකේ යුරේනි නොෂිකා කියන නමින් සාර්ථක වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි මේ ආපු ගමන ගැන.

යුරේනි කැමති ජිවිතේ බෙදා ගන්නද තනියම ජීවත් වෙන්නද ? 

මම දන්නෙ නැහැ අනාගතයෙදි මොනා වෙයිද කියලා. අදින් දවස් 30ක් ගිහිල්ලා මට මොනා හිතෙයිද කියලත් මම දන්නෙත් නැහැ. මේ මොහොතේ මේ ඉන්න වකවානුව ගැන කතා කළොත් මම කැමතියි තනියම ඉන්න. සමහර මිනිස්සු මේ ලෝකෙට එන්නෙ තමන් වෙනුවෙන් නෙමෙයි. මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්මයි. සමහර අය එනවා බැඳලා ළමයි හදනවා එච්චරයි. මම ජීවත් වෙන්නෙ බැඳලා ළමයි හදන්න විතරක්ම නෙවෙයි. මට ඊට වඩා ලොකු දෙයක් කරන්න තියනවා කියන හැඟීම මගේ හිතේ තියනවා අනිත් මිනිස්සු වෙනුවෙන්. මම ගොඩක්ම කැප වෙන්නෙ ඒකට.

සචිනි ඉමල්ශා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27