මින්නේරියේ දරුණු රිය අනතුරක් – හත්දෙනෙකුට තුවාල

හබරණ – පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ගොයම් කපන යන්ත්‍රයක් ප්‍රවාහන කරමින් තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූවන් හබරණ සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

ඇඟලුම් සේවකයින් රැගත් බස් රථය පොළොන්නරුව දෙසට ධාවනය වී ඇති අතර, මාර්ගයේ නවතා තිබූ ආපදාවට ලක්ව තිබූ ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේ දී මින්නේරිය දෙස සිට හබණ දෙසට පැමිණි ගොයම් කපන යන්ත්‍රයක් පටවා ගත් ට්‍රැක්ටර් රථයකක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළ

අනතුර සම්බන්ධව හබරණ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !