AFC Banner
AFC Banner
Empty Ad

මිතුරන් දෙදෙනකුගේ දුරදිග ගිය ආරවුල

මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනයක් සිදු ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම ඊයේ (25) රාත්‍රියේ දී සිදු ව ඇත්තේ පානදුර – හොරේතුඩුව ප්‍රදේශයේ දී බවයි.

සමීපත ම මිත්‍රයින් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුව වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඝාතකයා විසින් මියගිය මිතුරා හට තියුණු ආයුධයකින් පපු ප්‍රදේශයට පහරදීමෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

පානදුර උතුර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර; ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ සිරුර මාර්ගයේ ආසන්නයේ උඩුබැලි අතට ඇදවැටී තිබියදී සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?