ඊයේ (04) සවස් කාලයේ මාන්කුලම් පොලිස් වසමේ කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධ පෙති පානය කිරීමෙන් අසනීප වී කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදින සවස් කාලයේ මියගොස් ඇති බවට මාන්කුලම් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මියගිය දරුවා වයස අවුරුදු එකහමාරක් පමණ වන කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු විසින් සිය මිත්තණියගේ අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1