මිකී ආතර් ඇතුළු ප්‍රබලයින් තිදෙනෙක් පාකිස්ථානය කණ්ඩායමෙන් ඉවත්ව යයි

මිකී ආතර්, ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් සහ ඇන්ඩෲ පුටික් ඊයේ (18) ලාහෝර් හි පාකිස්ථානය ජාතික ක්‍රිකට් ඇකඩමියේ ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා වී තිබෙනවා.

2023 වසරේ අප්‍රේල් මාසයේදී, මිකී ආතර් පාකිස්ථානය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද අතර, බ්‍රැඩ්බර්න් පසුගිය වසරේ පාකිස්ථානය ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරනු ලැබුවා.

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ පුටික් 2023 අප්‍රේල් මාසයේ සිට පාකිස්ථානයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළා.

මොවුන් තිදෙනාම ජනවාරි මස අවසන් වන විට තම රැකියාවලින් ඉවත් වීමට තීරණය කළ බව දැනුම් දුන් බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මිකී ආතර් 2016 සිට 2019 දක්වා පකිස්ථාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ පාකිස්තානය ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක ස්ථානයට පැමිණ 2017 ICC ශූරයන්ගේ කුසලානය දිනාගැනීමට ද සමත් වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දී ආතර් දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

57 හැවිරිදි බ්‍රැඩ්බර්න් මීට පෙර 2018 සිට 2020 දක්වා පාකිස්ථාන පිරිමි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කළා.

ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු ඔහුගේ ධුර කාලය යටතේ, පාකිස්ථානය 2023 මැයි මාසයේ දී පළමු වරට ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයට ද පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?