මිකී ආතර් ඇතුළු ප්‍රබලයින් තිදෙනෙක් පාකිස්ථානය කණ්ඩායමෙන් ඉවත්ව යයි

මිකී ආතර්, ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් සහ ඇන්ඩෲ පුටික් ඊයේ (18) ලාහෝර් හි පාකිස්ථානය ජාතික ක්‍රිකට් ඇකඩමියේ ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා වී තිබෙනවා.

2023 වසරේ අප්‍රේල් මාසයේදී, මිකී ආතර් පාකිස්ථානය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද අතර, බ්‍රැඩ්බර්න් පසුගිය වසරේ පාකිස්ථානය ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරනු ලැබුවා.

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ පුටික් 2023 අප්‍රේල් මාසයේ සිට පාකිස්ථානයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළා.

මොවුන් තිදෙනාම ජනවාරි මස අවසන් වන විට තම රැකියාවලින් ඉවත් වීමට තීරණය කළ බව දැනුම් දුන් බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මිකී ආතර් 2016 සිට 2019 දක්වා පකිස්ථාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ පාකිස්තානය ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක ස්ථානයට පැමිණ 2017 ICC ශූරයන්ගේ කුසලානය දිනාගැනීමට ද සමත් වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දී ආතර් දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

57 හැවිරිදි බ්‍රැඩ්බර්න් මීට පෙර 2018 සිට 2020 දක්වා පාකිස්ථාන පිරිමි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කළා.

ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු ඔහුගේ ධුර කාලය යටතේ, පාකිස්ථානය 2023 මැයි මාසයේ දී පළමු වරට ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයට ද පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21