AFC Banner
Empty Ad
Empty Ad

මැෂින් කියතෙන් දෙපා කපා දමා පුද්ගලයෙකු මරුට….

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුගේ දෙපා, ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා බරපතළ තුවාල සිදුකර ඝාතනය කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙම ඝාතනය සිදුව ඇත්තේ, කටුගස්තොට පොලිස් වසමේ මහංගොඩ ප්‍රදේශයේදීයි.

තුවාලකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර, ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටිය දී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකුයි.

කටුගස්තොට පදිංචි 54 හැවිරිදි සැකකරු අදාළ යාන්ත්‍රික කියතද සමග අත්අඩංගුවට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?