එළඹෙන මැයි මාසයේ මැද දක්වා කිසිඳු ගැටලුවකින් තොරව මෙරටට අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර පවසනවා.
අද (04) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම මාසයේ පළමු ඉන්ධන තොගය රැගත් නෞකාව පසුගිය 02 වනදා දිවයිනට පැමිණි බවයි.
එමෙන්ම එළඹෙන 06 සහ 08 අතර කාලසීමාව තුළ තවත් ඩීසල් තොග රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණෙන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.
මේ අතර කර්මාන්ත සඳහා මහා පරිමාණයෙන් ලබාගන්නා ඉන්ධන කිසිඳු ගැටලුවකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ලබාගත හැකි බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.
එමෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබියදීත් මෙම අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුනොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමක් සිදුවුවහොත් වහාම යළි මිල කැඳවීමක් සිදුකර ඉන්ධන මිල අඩුකර මහජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී පැවසුවේ.













