AFC Banner
AFC Banner
Empty Ad

මැදිරි මග දමා එන්ජිම ගමන යයි

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියේ එන්ජිම උතුරු කළුතර ප්‍රදේශයේ දී අද උදෑසන මැදිරිවලින් වෙන්වී කිලෝ මීටරයක පමණ දුරක් ධාවනය වී තිබෙනවා.

උතුරු කළුතර සහ නොම්මර 1 දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී මෙය සිදුවී ඇති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ.

නියාමක මැදිරියේ අසලින් දුම්රිය එන්ජිම වෙන්වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

විනාඩි 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?