ශ්‍රී ලංකාවේ මැදපෙළ අදත් ඇදවැටෙද්දී කිවියන්ට පහසු T20 තරගාවලි ජයක්

සත්කාරක නවසීලන්තය හමුවේ දෙවැනි T20 තරගයෙන් ද ලකුණු 45ක වේදනාත්මක පරාජයක් උරුම කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මීට ටික වේලාවකට (30) පෙර සිදු වුණා.

දෙරට අතර තරගය අද මවුන්ට් මවුන්ගනුයි ක්‍රීඩාංගණයේ දීයි පැවැත්වුණේ.

පළමු තරගයේ දී සේ ම දෙවැනි තරගයේ දී ද කාසියේ වාසියේ ජයෙන් පමණක් සෑහීමකට පත් වන්නට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායම; කාසියේ වාසිය අද දින ද දිනා ගනිමින් පළමු ව පිතිකරණයේ වාසිය සිය සත්කාරකයින් වෙත පිරිනැමුවා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 186ක්.

එහිදී කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ මාර්ක් චැප්මන්.

චැප්මන් ලකුණු 42ක් ලබාගත්තා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් හයි පන්දු 19ක දී නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 41ක්.

ටිම් රොබින්සන්ගෙන් ද ලකුණු 41ක් හිමිවුණා.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග කඩුලු 02ක්, නුවන් තුෂාර හා මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 186ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසාන වීමටත් පෙර සියල්ලන් ම දැවී ලබාගත්තේ ලකුණු 141ක් පමණි.

ඒ අනුව නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 45ක පරාජයක් උරුම වුණා.

එහිදී කුසල් පෙරේරා ලකුණු 48ක් සහ පැතුම් නිස්සංක ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුණා.

චරිත් අසලංක ලකුණු 20යි.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුටවත් ලකුණු 10 සීමාව පසුකර යෑමට නවසීලන්ත වේග පන්දු බලඇණිය ඉඩ දුන්නේ නැහැ.

කඩුලු බිඳ දැමීමේ දී ඩෆී ලකුණු 14කට බිඳ දැමූ කඩුලු ගණන 04ක්.

නායක සැන්ට්‍නර් හා මැට් හෙන්රි කඩුලු 02ක්, බ්‍රේස්වෙල් හා ෆෝල්ක්ස් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

දිගින් දිගටම රටින් පිටත දී දියාරු පිතිකරණය සේ ම වගකීම් විරහිත මැදපෙළ සවිමත් නොවූ පිතිකරුවන්ගේ ආදේශනය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ප්‍රශ්න කරන තත්ත්වයට පත් ව තිබෙනවා.

පළමු තරගය ද ජයග්‍රහණය පෙනෙන මානයේ සිටියදී බොඳ කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ මැදපෙළ පිතිකරුවන්ගේ ළාබාල පිතිකරණය හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය සිය මව්බිමේ දී T20 තරගාවලි 08 වරක් මේ සමග ම ජය ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව නවසීලන්තය සමග මෙතෙක් පවත්වා ඇති T20 තරග 27න් ම ජයගෙන ඇත්තේ තරග 10ක් පමණි.

තරග 16ක ම ජය හිමි ව ඇත්තේ නවසීලන්තයටයි.

ඒ අනුව දෙරට අතර පැවති තරග 03කින් සමන්විත T20 තරගාවලියේ වේලාසනින් ම තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන ජයගන්නට සත්කාරක කිවියන් සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 41ක් ලැබූ මිචෙල් හයි හිමිකරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16