මැදපෙරදිග ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් සංවාදය සඳහා අවකාශය විවෘත කිරීමට නව උත්සාහයන් ඉල්ලා සිටින බවත් 14 වන ලියෝ පාප් වහන්සේ පවසනවා.
ශාන්ත පීතර චතුරශ්‍රයේ ඇන්ජලස් යාච්ඤාවට එක්වෙමින් 14 වන ලියෝ පාප් වහන්සේ මේ බව සඳහන් කළා.
උන් වහන්සේ මෙහිදී පැවසුවේ ඉරානයෙන් සහ මැද පෙරදිගින් දැඩි කරදරකාරී පුවත් දිගටම අසන්නට දකින්නට ලැබෙන බවයි.
ගැටුම බිය සහ වෛරය අවුස්සන බවත්, එය තවදුරටත් පැතිර යා හැකි බවටත්, “ආදරණීය ලෙබනනය” ඇතුළු අනෙකුත් රටවල් ඊට ඇදගෙන යන බවටත් උන්වහන්සේ මෙහිදී පැවසුවා.
බෝම්බවල ඝෝෂාව නතර වන ලෙසත්, ආයුධ නිහඬ වන ලෙසත්, ජනතාවගේ හඬ ඇසෙන පරිදි සංවාදය සඳහා අවකාශය විවෘත වන ලෙසත් ස්වාමින් වහන්සේට අපගේ නිහතමානී යාච්ඤාව ඉදිරිපත් කරන බවයි උන්වහන්සේ මෙහිදී යාච්ඤා කර සිටියේ.



