මැතිව්ස්ගේ දැවී යාමේ තීරණයට උස්මන් කවජාගෙන් ප්‍රශ්නයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ අද බංග්ලාදේශයට එරෙහි ව මේ වනවිට පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති ව තිබෙනවා.

05 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ මැතිව්ස් බංග්ලාදේශයෙන් ඔහුට එරෙහි ව එක් පන්දුවක් හෝ යැවීමට පෙරයි ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස විනිසුරුවරයාගේ තීරණයට නතු වූයේ.

ඒ මැතිව්ස් පිටියට ආ විගස ක්‍රීඩා නීතිරීති අනුව පළමු ව තණ තිල්ලෙහි සිය සීමාව මත එය සටහන් කළේ තම පැමිණීම දන්වමිනි.

නමුත් පසුව ඔහු සිය හෙල්මටය පැළඳීමට උත්සාහ දරන විට දී, එහි පටිය කැඩී යාම හේතුවෙන්, ක්‍රීඩා පිටියේ පිටත රැඳී සිටි චාමික කරුණාරත්න හට දැනුම්දෙන්නේ තවත් හෙල්මටයක් රැගෙන එන ලෙසටයි.

නමුත් ඊට ගත වුණු කාලය මිනිත්තු 03 ඉක්මවා ගිය හෙයින් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් එය දැවී යාමක් ලෙසට සටහන් කරන ලෙසටයි විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව විනිසුරු තීරණය ලැබෙනුයේ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසටයි.

එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පිතිකරුවෙකු වන උස්මන් කවජා ද සිය නිල X ( පෙර ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් එම විනිසුරු තීරණයට විරෝධය පළ කර තිබෙනවා.

කවජා ද විමසන්නේ එය දැවී යාමක් ලෙස තීරණය කරන්නේ කෙසේ ද යන්නයි.

ඇන්ජලෝ පිටියට ආ විගස crease එක හැදූ බවත්, ඉන් පසුව හෙල්මටයෙහි පටිය කැඩී යාමෙන් වෙලාව ඉවර වන්නේ කෙසේ ද යන්නත් උස්මන් කවජා හාස්‍යයෙන් යුතුව ප්‍රශ්න කර සිටිනවා.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්..;

WhatsApp Image 2023 11 06 at 18.30.14 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
49
+1
13
+1
8
+1
16
+1
16
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26