මැතිව්ස්ගේ දැවී යාමේ තීරණයට උස්මන් කවජාගෙන් ප්‍රශ්නයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ අද බංග්ලාදේශයට එරෙහි ව මේ වනවිට පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති ව තිබෙනවා.

05 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ මැතිව්ස් බංග්ලාදේශයෙන් ඔහුට එරෙහි ව එක් පන්දුවක් හෝ යැවීමට පෙරයි ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස විනිසුරුවරයාගේ තීරණයට නතු වූයේ.

ඒ මැතිව්ස් පිටියට ආ විගස ක්‍රීඩා නීතිරීති අනුව පළමු ව තණ තිල්ලෙහි සිය සීමාව මත එය සටහන් කළේ තම පැමිණීම දන්වමිනි.

නමුත් පසුව ඔහු සිය හෙල්මටය පැළඳීමට උත්සාහ දරන විට දී, එහි පටිය කැඩී යාම හේතුවෙන්, ක්‍රීඩා පිටියේ පිටත රැඳී සිටි චාමික කරුණාරත්න හට දැනුම්දෙන්නේ තවත් හෙල්මටයක් රැගෙන එන ලෙසටයි.

නමුත් ඊට ගත වුණු කාලය මිනිත්තු 03 ඉක්මවා ගිය හෙයින් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් එය දැවී යාමක් ලෙසට සටහන් කරන ලෙසටයි විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව විනිසුරු තීරණය ලැබෙනුයේ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසටයි.

එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පිතිකරුවෙකු වන උස්මන් කවජා ද සිය නිල X ( පෙර ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් එම විනිසුරු තීරණයට විරෝධය පළ කර තිබෙනවා.

කවජා ද විමසන්නේ එය දැවී යාමක් ලෙස තීරණය කරන්නේ කෙසේ ද යන්නයි.

ඇන්ජලෝ පිටියට ආ විගස crease එක හැදූ බවත්, ඉන් පසුව හෙල්මටයෙහි පටිය කැඩී යාමෙන් වෙලාව ඉවර වන්නේ කෙසේ ද යන්නත් උස්මන් කවජා හාස්‍යයෙන් යුතුව ප්‍රශ්න කර සිටිනවා.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්..;

WhatsApp Image 2023 11 06 at 18.30.14 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12