මැතිවරණ වේදිකාවේ දී දුන් පොරොන්දු ඉටු කළ හැකි එකම නායකයා රනිල් – ශෙහාන් සේමසිංහ

රජය විසින් වැටුප් වැඩි කිරීම සැලසුම් කර ඇති පසුබිමක එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවන බවට විවිධ සාවද්‍ය තොරතුරු පළ වෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ; ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ පරිදි ස්ථීර වශයෙන් ම රාජ්‍ය සේවක වැටුප් ලබන වසරේ ජනවාරියේ සිට වැඩිවන බවත්; මැතිවරණ වේදිකාවේ දී දුන් පොරොන්දු ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක් බවයි.

අනුරාධපුරයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ;

”අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ වගේම මේ වැටුප් වැඩිවීම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මීට වර්ෂයකට පෙර සාකච්ඡා කරමින් පැවති මාතෘකාවක්. ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් පැහැදිලි කළේ මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම සිදු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ආදායම් වියදම් කළමනාකරණය පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ සමගම මීට මාස කීපයකට කලින් මේ වර්ෂය සඳහා රුපියල් 10,000ක දීමනා වැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට මහා භාණ්ඩාගාරය විසින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ලබාදීමත් සමගම විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති දිගින් දිගටම මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා.

එහිදී අපි කියා සිටියා 2024 වර්ෂය සඳහා නැවත දීමනා හෝ වැටුප් වැඩිවීමක් සිදු කරන්න බැහැ. නමුත් 2025 වර්ෂයේ දී අනිවාර්යයෙන්ම වැටුපඩි වැඩි කිරීමක් සිදු කරන බව. මේ නිශ්චිත වශයෙන්ම සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා ඒ වෙනකොටත් මහා භාණ්ඩාගාරය සමගත් මුදල් අමාත්‍යාංශයේත්; ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් අපි සිදු කරමින් පැවති නිසා.
ඒ වැටුප් වැඩිවීම ලබා දුන්නට පස්සේ 2025 ක් ක්‍රියාත්මක වීමට අදාළව අපි දැක්ක පහුගිය දිනවල පුවත්පතක් ප්‍රවෘත්තියක් ලෙස පළ කලා වැටුප් වැඩි කිරීමට අදාළ ව අවශ්‍ය අනුමැතිය ලබාගෙන නැහැ කියලා.
ඒකෙන් අදහස් කරන්න ඇත්තේ මේ රටේ රාජ්‍ය සේවකයන් ඔවුන් විසින් මේ රටට කරන සේවාව වෙනුවෙන් සහ මේ ආර්ථික අර්බුදය තුළ ගොඩනැගෙන අලුත් ආර්ථිකයේ හැම කෙනෙකුටම ප්‍රතිලාභ ගලාගෙන යන්න ජනාධිපතිතුමා සහ රජයේ වැටුප් වැඩි කිරීමක් සැලසුම් කරාට පස්සේ ඒක සිදු නොවෙනවා කියන මතයක් සාවද්‍ය තොරතුරක් කියලා සමාජගත කරන්න උත්සාහ කළා…”

යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැටුප් වැඩි කිරීම පිළිබඳව මෙලෙස වැඩිදුරටත් අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03