AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශය වෙත විශේෂ ලිපියක්

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීමට හැකියාවක් පවතී ද නැද්ද යන්න පිළිබඳව පිළිතුරක් අපේක්ෂාවෙන් මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි කරුණු වාර්තා වුණේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට වෙනුවෙන් රුපියල් බිලියන 10ක මුදලක් වැයවන බවට ගණන් බලා ඇති අතර, එම මුදල් ප්‍රමාණය ලබා දිය හැකි ද නැද්ද යන්න කරුණු සහිතව දන්වන්නැයි, අදාළ ලිපියෙන් ඉල්ලා ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් අද (24) ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීම මෙහි අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?