එළෙඹෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන මේ වනවිට මුද්‍රණය කරමින් පවතින බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර පවසනවා.
ඒ, අනුව මැතිවරණයේ මූලික ලේඛන මුද්‍රණයකර මැතිවරණ දෙපාර්තමේන්තුවට භාර දී අවසන් බවයි රජයේ මුද්‍රණාලාධිපතිවරයා සඳහන් කළේ.
මේ අතර මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මැතිවරණය පවත්වන දිනට සතියකට පෙර මුද්‍රණය කර අවසන්ව මැතිවරණ දෙපාර්තමේන්තුවට භාරදීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.
ඒ, අනුව මේ වනවිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු මැතිවරණ මුද්‍රණ කටයුතු අවසන්වන තෙක් අවලංගු කර ඇති බව ද ඔහු පැවසුවා.
එමෙන්ම පොලිස්යේ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ වනවිට රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ද රජයේ මුද්‍රණාලාධිපතිවරයා අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.