AFC Banner
Empty Ad

මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන්කර අවසන් – තීරණය කොමිසම අතේ

මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් රජය විසින් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මැතිවරණ දිනය තීරණය කිරීමේ බලය පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බව සඳහන් කළ ජනාධිපතිවරයා; කඩිනමින් ඒ සඳහා දිනයක් ප්‍රකාශ කරනු ඇති බවට බලාපොරොත්තුවන බවයි පැවසුවේ.

එමෙන්ම මැතිවරණය පැවැත්වීම සඳහා කිසිඳු නීතිමය බාධාවක් නොමැති බවත්, අවශ්‍ය නීති සම්පාදනය කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණි ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?