බිරිඳගේ ගෙළ මාළු මන්නයකින් කපා ඇයව ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසනවා.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අද (07) දහවල් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඝාතනයට ලක් වූ කාන්තාව වාද්දුව, වේරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තිදරු මවක් බවයි වාර්තා වන්නේ.
ලද තොරතුරක් මත පොලිසිය නිවසට ගොස් පරීක්ෂා කිරීමේ දී කාමරයක් තුළ ඇදක් අසල ලේ විලක් මැද වැටී තිබූ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් මන්නය ද සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් පරීක්ෂණ පවත්වනවා.