මාළු බෑමට වැවට බැස්ස ධීවරයා නොඑන ගමන් ගිහිං

මොරගොඩ පොලිස් වසමට අයත් නාවක්කුලම ප්‍රදේශයේ ඇති කෝවන්කුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝමරන්කල්ල – ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන පුද්ගලයෙක්.

මෙම මියගිය පුද්ගලයා, තවත් පුද්ගලයෙකු සමග ඊයේ (19) දහවල් කාලයේ දී වැවට මසුන් ඇල්ලීමට ගොස් තිබූ අතර එම අවස්ථාවේ දී දෙදෙනාම වැවට බැස තිබෙනවා.

එහිදී වැවෙහි ගැඹුරු ස්ථානයකට වැටී දියේ ගිලී යාමෙන් මෙම පුද්ගලයා මියයන්නට ඇති බවයි මොරගොඩ පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට (20) යකල්ල – හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ මෘත ශල්‍යාගාරයේ තැන්පත් කර ඇති අතර අද දින අනුරාධපුර ශික්ෂණ රෝහලට මෘත ශරීරය රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?