මාළු බෑමට වැවට බැස්ස ධීවරයා නොඑන ගමන් ගිහිං

මොරගොඩ පොලිස් වසමට අයත් නාවක්කුලම ප්‍රදේශයේ ඇති කෝවන්කුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝමරන්කල්ල – ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන පුද්ගලයෙක්.

මෙම මියගිය පුද්ගලයා, තවත් පුද්ගලයෙකු සමග ඊයේ (19) දහවල් කාලයේ දී වැවට මසුන් ඇල්ලීමට ගොස් තිබූ අතර එම අවස්ථාවේ දී දෙදෙනාම වැවට බැස තිබෙනවා.

එහිදී වැවෙහි ගැඹුරු ස්ථානයකට වැටී දියේ ගිලී යාමෙන් මෙම පුද්ගලයා මියයන්නට ඇති බවයි මොරගොඩ පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට (20) යකල්ල – හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ මෘත ශල්‍යාගාරයේ තැන්පත් කර ඇති අතර අද දින අනුරාධපුර ශික්ෂණ රෝහලට මෘත ශරීරය රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40
Video thumbnail
අම්බිකා සුඛෝපභෝගී වාහනේ ගියේ ලැට් හෝදන්නද ?මේකි ගීතයෙන් ගීතය මතකනේ
01:24
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ? මාංචු නැතුව ගිය සෙව්වන්දි ගැනත් කියයි
01:55
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31