මාස තුනකින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රදානයක්

ඉදිරි තෙමසක කාලය තුළ මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රදානයක් හිමිවන බව ලෝක බැංකුව සහතික කර තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති තුනකට අදාළව මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් ඒ අනුව ලෝක බැංකුව තවදුරටත් ශ්‍රී ලංකාව සමග එකී ක්ෂේත්‍රවල ඇති සහයෝගය තහවුරු කරන බවට ද දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘති ග්‍රාමීය සංවර්ධනයට සහ අධ්‍යාපනයට සහාය වන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පහසුකමක් ස්ථාපිත කරනු ඇති.

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කරමින් මේ බව සඳහන් කළා.

සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය තුළ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයින් සහ සංවර්ධන හවුල්කරුවන් හමු වී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන වර්ධනය සඳහා රට දරන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි රජය සඳහන් කරන්නේ.

රයිසර් මහතාගේ මෙම සංචාරයේ දී අවධානය යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට දරිද්‍රතාව අඩු කිරීම, ඩිජිටල් සංවර්ධනය සහ ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම සඳහා රජයේ කැපවීම ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16