මාස තුනකින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රදානයක්

ඉදිරි තෙමසක කාලය තුළ මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රදානයක් හිමිවන බව ලෝක බැංකුව සහතික කර තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති තුනකට අදාළව මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් ඒ අනුව ලෝක බැංකුව තවදුරටත් ශ්‍රී ලංකාව සමග එකී ක්ෂේත්‍රවල ඇති සහයෝගය තහවුරු කරන බවට ද දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘති ග්‍රාමීය සංවර්ධනයට සහ අධ්‍යාපනයට සහාය වන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පහසුකමක් ස්ථාපිත කරනු ඇති.

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කරමින් මේ බව සඳහන් කළා.

සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය තුළ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයින් සහ සංවර්ධන හවුල්කරුවන් හමු වී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන වර්ධනය සඳහා රට දරන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි රජය සඳහන් කරන්නේ.

රයිසර් මහතාගේ මෙම සංචාරයේ දී අවධානය යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට දරිද්‍රතාව අඩු කිරීම, ඩිජිටල් සංවර්ධනය සහ ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම සඳහා රජයේ කැපවීම ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?