මාසික වැටුප මත අයකෙරෙන බද්ද අද සිට

2023 අයවැයෙන් යෝජනා කෙරුණු බදු සංශෝධන කිහිපයක් අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව අද (01) දිනයේ සිට මාසික වැටුප් සඳහා පුද්ගලික ආදායම් බදු අය කිරීම ද සිදුවන අතර, මාසික වැටුප රුපියල් 150,000ක් නම් මාසිකව රුපියල් 3500ක බදු මුදලක් ගෙවිය යුතුයි.

එමෙන්ම රුපියල් ලක්ෂ 02 මාසික වැටුපක් ලබා අයෙකුගෙන් මාසිකව රුපියල් 10,500ක බදු මුදලක් අයකර ගන්නා අතර, රුපියල් 250,000 ක මාසික වැටුපක් හිමි පුද්ගලයෙකු රුපියල් 21,000ක බදු මුදලක් ගෙවිය යුතුවනවා.

රුපියල් ලක්ෂ 03ක වැටුපක් ලබන අයෙකු රුපියල් 35,000 ක් ද බදුවශයෙන් ගෙවිය යුතුයි.

එමෙන්ම 350,000ක මාසික වැටුපක් ලබන අයෙකු රුපියල් 52,500 ක් ද, රුපියල් ලක්ෂ 04 ක වැටුපක් ලබන අයෙකු රුපියල් 70,500ක් ද, රුපියල් ලක්ෂ 05ක වැටුපක් ලබන අයෙකු 106,500ක් ද බදු මුදල් වශයෙන් ගෙවිය යුතු වනවා.

රුපියල් 750,000ක වැටුපක් ලබන අයෙකු මාසිකව රුපියල් 196,500ක් බදු වශයෙන් ගෙවිය යුතු අතර, රුපියල් ලක්ෂ 10ක වැටුපක් ලබන අයෙකු මාසිකව බදු මුදල් වශයෙන් රුපියල් 286,500ක මුදලක් අයකරගනු ලබනවා.

මේ අතර අද (01) සිට පෞද්ගලික ආදායම් බද්ද රුපියල් ලක්ෂය දක්වා වැටුපක් උපයන අයෙගෙන් අය නොකරන බව ද මුදල් අමාත්‍යංශය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?