මාසික ආදායම රුපියල් 100,000ක් නැත්නම් බදු ගෙවන්නෙපා !- රජය කියයි (වීඩියෝ)

පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් නො ඉක්ම වන්නේ නම්; කිසි ලෙසකින් බදු මුදල් ගෙවීම අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බදු ගෙවීම් ඉල්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිපි හෝ කෙටි පණිවුඩ ලැබී ඇති පුද්ගලයින්ට තම මාසික ආදායම රුපියල් 100,000 නොඉක්මවන්නේ නම් ඊට එකඟ විය යුතු නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

බදු ගෙවන්නන් හට ලබා දී ඇති TIN අංකයට ලැබුණු කෙටි පණිවිඩ සහ පැමිණිලි පිළිබඳ ව අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව මාසික ආදායම රුපියල් 100,000 ගන්නා තැනැත්තන් රාජ්‍ය බදු ගණනය කිරීම්වලින් නිදහස් කරන බවයි වාර්තා වන්නේ.

යම්කිසි ගැටලුවක් වේ නම්; අදාළ සිදුවීම පිළිබඳ ව තමන් ජීවත් වන ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ද දැනුම්දිය හැකි බව ද අමාත්‍යවරයා පවසනවා.

අද වන විට දළ වශයෙන් මිලියන 2.3 ක පිරිසකට ඔවුන්ගේ TIN අංක ලැබී ඇති බවත්, ජුනි මාසයේ දී පමණක් මිලියන 1.3 ක් නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ජුලි මාසය අවසන් වන විට TIN අංක නිකුත් කිරීම මිලියන 7.3 දක්වා වැඩි කිරීම රජයේ ඉලක්කය බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08