මාසික ආදායම රුපියල් 100,000ක් නැත්නම් බදු ගෙවන්නෙපා !- රජය කියයි (වීඩියෝ)

පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් නො ඉක්ම වන්නේ නම්; කිසි ලෙසකින් බදු මුදල් ගෙවීම අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බදු ගෙවීම් ඉල්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිපි හෝ කෙටි පණිවුඩ ලැබී ඇති පුද්ගලයින්ට තම මාසික ආදායම රුපියල් 100,000 නොඉක්මවන්නේ නම් ඊට එකඟ විය යුතු නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

බදු ගෙවන්නන් හට ලබා දී ඇති TIN අංකයට ලැබුණු කෙටි පණිවිඩ සහ පැමිණිලි පිළිබඳ ව අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව මාසික ආදායම රුපියල් 100,000 ගන්නා තැනැත්තන් රාජ්‍ය බදු ගණනය කිරීම්වලින් නිදහස් කරන බවයි වාර්තා වන්නේ.

යම්කිසි ගැටලුවක් වේ නම්; අදාළ සිදුවීම පිළිබඳ ව තමන් ජීවත් වන ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ද දැනුම්දිය හැකි බව ද අමාත්‍යවරයා පවසනවා.

අද වන විට දළ වශයෙන් මිලියන 2.3 ක පිරිසකට ඔවුන්ගේ TIN අංක ලැබී ඇති බවත්, ජුනි මාසයේ දී පමණක් මිලියන 1.3 ක් නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ජුලි මාසය අවසන් වන විට TIN අංක නිකුත් කිරීම මිලියන 7.3 දක්වා වැඩි කිරීම රජයේ ඉලක්කය බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?