මාස්ක් නොදැම්මා කියා තරුණයෙකුට ඉන්දියානු පොලීසියෙන් ඇණ ගසයි

තරුණයෙකු විසින් වසංගත පාලන නීති කඩ කරමින් පොදු ස්ථානයන්ගේ මුව ආවරණයක් නොපැළැඳ සිටි බවට චෝදනා කර පොලීසිය විසින් ඔහුගේ පාදයට සහ අත්වලට ඇණ ගැසූ පුවත් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

වයස අවුරුදු 28ක් වූ මෙම තරුණයා නමින් රංජිත් වන අතර ඔහු සිය මව සමඟ ජීවත් වෙමින් කම්කරු වෘත්තියේ නිරත වන්නෙකි. 

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජෝගි නවාඩා ප්‍රදේශයේ ජීවත් වන රංජිත් මීට දින 02කට පමණ පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුගේ පාදවලට මෙන්ම අත්වලට පහර දුන් බවට චෝදනා කර තිබුණි. 

එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රංජිත්ගේ පාදයට ඇණ ගසා තිබේ. සිදුවීමෙන් පසුව රංජිත් රෝහල් ගතවී තිබුණු අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වෙයි.

සිදුවීමට සම්බන්ධ පොලිස් ස්ථානය පිළිබඳව පරික්ෂණයක් ඉහළ නිලධාරීන් විසින් පවත්වා තිබුණු අතර එහිදී හෙළි වි තිබුණේ චෝදනාවලින් ගැලවීම සඳහා රංජිත් විසින් තමන්ට හානි සිදුකර ගත් බවයි. 

රංජිත්ගේ චෝදනා අසත්‍යය බවට පෙන්වා දෙන පොලීසිය පවසා තිබුණේ  අසත්‍ය චෝදනා එල්ල කිරීම යටතේ රංජිත්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද සුදානම් බවයි.

රංජිත් ඇන පහර වැදීමෙන් පසුව වේදනාවෙන් සිටින වීඩියෝ දර්ශනයක් ද නිකුත් වී තිබුණු අතර එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?