මාව හොයාගත්තේ පොලිසියෙන්.. ලොකු අමාරුවක වැටුනේ..

මේ සති අන්තයේ My Travel ගැන කතා කරන්න අප සමඟ එකතු වන්නේ ඔබ අප කවුරුත් දන්නා රංගන ශිල්පිනියක්. ඒ තමයි පියුමි ශ්‍රීනායක.

පියුමි.. මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

කොරෝනා ප්‍රශ්නත් එක්ක ලොකුවට රංගන කටයුතුවල නිරත වුණේ නෑ. නමුත් එක නාට්‍යයක වැඩ මේ ළඟදි පටන් ගත්තා. ඒ තමයි (පාර දිගේ) කියන ටෙලිනාට්‍ය.

පියුමි.. ඔබ Travel කියන දෙයට කැමති කෙනෙක්ද?

ඇත්තටම මම Travel කියන දෙයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි. මම එකදිගට වැඩ කරලා විවේකයක් ලැබුණු සෑම වෙලාවකම කැමති කොහේ හරි නිස්කලංකව ඉන්න පුළුවන් තැනකට යන්න. ඒ නිසා මම Travel කියන දෙයට ගොඩක් කැමතියි.

ඔබ වැඩිපුර කැමති මොනවගේ තැන්වල Travel කරන්නද?

මම ලංකාවේ තැන්වලට වඩා විදෙස් රටවල ඇවිදින්න යන්න තමයි කැමති.

ඔබ දැනට කරපු විදෙස් සංචාරවලින් ඔබේ හිතට දැනිච්ච ගමන කුමක්ද?

මම ගොඩක්ම කැමතියි තායිලන්තයට යන්න.

ඇයි ඒ?

Travel එකකදි මම කැමතිම දේ තමයි shopping කරන එක. විවිධ වර්ගයේ ආහාර රසවිඳින එකට. ඉතින් තායිලන්තය කෑම සහ ඇඳුම් අඩුවට ගන්න පුළුවන් රටක්. ඒ හින්දා තායිලන්තයට යන ගමනට මම මාරම ආසයි.

තායිලන්තයට ගිය ගමනේදි ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

අමතක නොවන සිදුවීම්නම් කිහිපයක්ම තිබුණා. එක පාරක් මම මගේ යාළුවෝ කිහිප දෙනෙක් සමඟ තායිලන්තයට ගියා. ඒ අවස්ථාවේදි අපි හිටපු හෝටලයට යන පාර මට අමතක වුණා. අඩුම තරමේ ඒ හෝටලයේ නමවත් මට මතක නැතුව මම අතරමං වුණා. ඊට පස්සේ මගේ යාළුවෝ පොලීසියට පවා ගිහිල්ලා තමයි මාව හොයගත්තේ.

ඔය වගේ තවත් අමතක නොවන සිදුවීමක් තියෙනවා. තවත් සැරයක් මමයි මගේ මල්ලියි මගේ යාළුවෝ කිහිප දෙනෙකුයි ගියා තායිලන්තයේ. ඒ ගිය ගමනෙදි අපි ගියා එක්තරා පාක් එකකට.

ඒ පාක් එකේ තිබුණා එක ක්‍රීඩාවක්. අපිව උඩට අරන් ගිහින් අතහරිනවා. හරිම ආරක්ෂාකාරීව තමයි සිදු කරන්නේ. නමුත් මම හරි බයයි උස තැන්වලට යන්න. නමුත් මගේ මල්ලි කිව්වා මේක එච්චර බය වෙන්න දෙයක් නෙවෙයි කියලා.

කොහොම හරි ඒ ක්‍රීඩාවට මම සහභාගි වුණා. නමුත් පස්සෙ තමයි තේරුණේ මොකද්ද මම මේ කළේ කියලා. ඔය වගේ සුන්දර අමතක නොවන සිදුවීම් කිහිපයක්ම තියෙනවා.

පියුමි.. ඔබ Travel එකක් කරන්න කැමති කාත් සමඟද?

යාළුවොත් එක්ක යන්නත් කැමතියි. හැබැයි දැන්නම් වැඩිපුර කැමති මගේ මහත්තයත් එක්ක ඇවිදින්න යන්න. මොකද එයත් ඇවිදින්න යන්න හරි කැමති කෙනෙක්. කොහොමත් අපි Travel එකක් කරනවානම් Travel වලට ආදරය කරන කට්ටිය සමඟ තමයි යන්න ඕනෙ. නැත්නම් ඒ ගමන කිසිම තේරුමක් නැති දෙයක් වෙනවා.

ලංකාව ඇතුළත ඔබ ඇවිදින්න යන්න වැඩිපුර කැමති මොනවගේ තැන්වලටද?

ලංකාව ඇතුළෙනම් මම වැඩිපුර කැමති සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුරය වගේ තැන්වලට යන්න.

සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව වගේ තැන්වල Travel කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

මම හරි ආසයි පෞරාණික දේවල් ගැන අධ්‍යයනය කරන්න. ඒවා හදලා තියෙන්නෙ කොහොමද? ඒ ඒ ස්ථානවල ඇති ඉතිහාස කතා මොනවද කියලා දැනගන්න මම කැමතියි. ඒ හේතු නිසා තමයි මම සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව වගේ තැන්වලට කැමති.

පියුමි.. ඔබ Travel කියන දේ මොන විදිහටද දකින්නෙ?

මම Travel කියන දේ දකින්නෙ මිනිසෙකුගේ තියෙන ප්‍රශ්න ගැටලු සියල්ල නැතිකර ගන්න පුළුවන් හොඳම විදිහ තමයි Travel කියන්නෙ. මම ඒ දේ හොඳටම අත්විඳිලා තියෙනවා. මමත් එකදිගට වැඩ කරලා විවේකයක් ලැබුණු සැණින් කොහේ හරි Travel එකක් කරනවා. ඒ Travel එක ඉවර කරලා නැවතත් වැඩ පටන් ගන්නකොට හිතට දැනෙන්නෙ අමුතුම විදිහේ සතුටක්. ඒකයි මම කියන්නෙ Travel කියන දේ මිනිසෙකුට අවශ්‍යම දෙයක් කියලා.

ඔබ ජීවිතේට නොගිය නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවද?

මම ගොඩක් කාලයක් තිස්සෙ ආසාවෙන් ඉන්නෙ ඊජිප්තු සංචාරයක නිරත වෙන්න. ඒකට හේතුව තමයි මම කලිනුත් කිව්වා මම හරි ආසයි ඉතිහාස කතාවලට. පිරමීඩ බලන්න, මමි බලන්න වගේ පෞරාණික දේවල්වලට කැමති නිසා තමයි මම ඊජිප්තුවට යන්න කැමති.

ඔබ වගේ Travel කරන සහ කරන්න ඉන්න අයට මොනවගේ පණිවිඩයක්ද ඔබ දෙන්නෙ?

මේ ලෝකෙ අපි නොදැකපු දේවල් ගොඩක් තියෙනවා. අපි මේ ජීවත්වෙලා සිටින කාලය තුළ අපි ඒ නොදැකපු තැන් අතරින් පොඩි ප්‍රමාණයක් හරි දැකගන්න උත්සාහ කරන්න කියලා මම කියනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ඒ බලන්න යන තැන් තවත් කෙනෙකුට දකින්න පුළුවන් විදිහට ආරක්ෂා කරන්න කියලත් සියලු දෙනාගෙන් මම ඉල්ලනවා.

චන්න කස්සප කෝරලේආරච්චි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08