AFC Banner
Empty Ad
Empty Ad

මාලදිවයිනේ නිල සංචාරයක නිරත වූ ජනපති යළි දිවයිනට පැමිණෙයි

මාලදිවයිනේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.

මාලදිවයිනේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගී වීම සඳහායි රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයට එක්වූයේ.

ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.

ඊයේ මාලේ අගනුවර පැවති මෙම උත්සවයට සහභාගී වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා ඇතුළු පිරිස මෙලෙස පැමිණ ඇත්තේ.

ඔවුන් මාලේ නුවර සිට උදෑසන 09.37ට ඉටිහාඩ් ගුවන් සේවයේ EY – 278 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?