AFC Banner
Empty Ad
Empty Ad

මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ‘මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් ගැන’ අනතුරු ඇඟවේ

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ භයානකකම තවමත් ඉවත්වී නොමැති බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරම්නවා.

රෝහල් පද්ධතියට දරාගත හැකි අන්දමින් යම් පාලනයක් සිදුව තිබුණද මේ වනවිට ජනතාව සමාජයේ ගැවසෙන ආකාරය දෙස බැලූ විට සංචරණ සීමා පනවා රට වසා තිබේද නැද්ද යනුවෙන් සියලූ දෙනාට ගැටලූවක් වී ඇති බවද ඇය පෙන්වා දෙනවා.

මේ මොහොතේ සියලූ දෙනාම අවශ්‍ය කැපකිරීම් නොකළහොත් සංචරණ සීමා අවශ්‍ය කාලය තවත් දීර්ඝ විය හැකි බවද සදහන් කරන ඇය, පවතින තත්ත්වය හමුවේ රට තුළ නව කොරෝනා ප‍්‍රභේද පැතිරීම වැළැක්වීමට ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගත යුතුව තිබෙන බවද සඳහන් කරනවා.

එසේම ධීවර ප‍්‍රජාව මගින් ඉන්දියාවේ පැතිර යන මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් පවතින බවද ඇය මාධ්‍ය වෙත කියා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?