මෙම වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සැළකිය යුතු පහළ යාමක් පෙන්නුම් කරන බව
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පවසන්නේ පසුගිය මාර්තු මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් බවයි.
එය පසුගිය 2025 වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව 19.7%ක පහළ යාමක්.
මෙම වසරේ ර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 47,533ක් වනවා.
මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට මාර්තු මස 31 වනදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 740,634ක් ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













