ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ 02 අදියරේ අතිරේක ග්‍රාමීය මාර්ග 75ක් සංවර්ධනයට

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ අතිරේක මාර්ග 75ක් සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

පොදු ප්‍රවාහන පහසුකම් සහ මාර්ග සම්බන්ධතාවය පුළුල් කිරීමෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම ව්‍යාපෘතිය මාසයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පැවසුවේ.

දෙවන අදියර සඳහා රුපියල් බිලියන 06ක මුදලක් වෙන් කර ඇති අතර, මාස තුනේ සිට හය දක්වා කාලයක් තුළ එය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?