මාර්ග ගත ක්‍රමයට හෝටලයක් වෙන් කළ විදෙස් ජාතිකයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්

මාර්ග ගත ක්‍රමයට වෙන් කරන ලද සංචාරක හෝටලයක් වසර පහක පමණ කාලයක සිට වසා දමා ඇති බව දැන ගැනීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්වූ බව මෙරටට පැමිණි ඉතාලි සංචාරකයෙක් පවසනවා.

මේ සම්බන්ධයෙන් අදාළ විදෙස් ජාතිකයා කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඉතාලියේ රෝමය නගරයේ පදිංචිකරුවෙකු වන මෙම විදෙස් ජාතිකයා පසුගිය 09 වනදා මෙරටට පැමිණ මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

පසුව ඔහු මාර්ග ගත ක්‍රමය ඔස්සේ කල්පිටිය, සේතාවාඩිය ප්‍රදේශයේ ඇති බව කියන සංචාරක හෝටලයක් වෙන් කරගෙන ඇති බව සඳහන්.

එලෙස වෙන්කරගත් හෝටලයට එම විදෙස් ජාතික සංචාරකයා ඊයේ (13) දිනයේ පැමිණ ඇති අතර, එහිදී ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ එම හෝටලය වසර 05ක පමණ කාලයක සිට වසා දමා ඇති බවයි.

මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි එම විදෙස් ජාතිකයා පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් එම විදෙස් ජාතිකයා සංචාරකයා කල්පිටිය, සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටි වෙනත් හෝටලයකට යොමුකිරීමට කල්පිටිය පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
5
+1
2
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?