මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ජනපතිගෙන් ඉල්ලූ ආබාධිත සෙබළෙකුට ප්‍රහාරයක්

මාර්ගයක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනාධිපතිවරයාට ලිපියක් භාර දීමෙන් පසුව ආබාධිත සෙබළෙකුට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහර දීමේ සිද්ධියක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.පසුගිය දා ගලෙන්බිඳුණුවැව, පලුගස්වැව පැවති උතුරු මැද පළාත් මහඇළ, උමං ඇළ මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ උත්සවයේදී අදාළ සෙබළා ජනාධිපතිවරයාට ලිපියක් භාර දී තිබිණි.ඒ, වසර 40ක පමණ කාලයක සිට සංවර්ධනයට ලක් නොවූ ගලෙන්බිඳුණුවැව, දාච්චිහල්මිල්ලෑව සිට මරදන්කඩවල, ගනේවල්පොළ දක්වා කිලෝමීටර් 45ක් පමණ දුරකින් යුත් මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමිනි.

එම ලිපිය ජනාධිපතිවරයාට භාර දීම නිසා උරණ වූ බව කියන එම ප්‍රදේශයේ ම පදිංචි පිය පුතු දෙපළක් ඊයේ (6) දිවා කාලයේදී අදාළ සෙබළාට පහර දී ඇතැයි අප වාර්තාකරු පවසයි.පාර සාදා දෙන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට තමාට ඇති අයිතිය කුමක්දැයි අසමින් තම කෘත්‍රිම පාදය ගළවා එය බිඳ දමා තමාගේ ජංගම දුරකතනය ද උදුරාගෙන අලාභහානි කළ බව පහර කෑමට ලක් වූ සෙබළා පැවසීය.

මේ අතර තුවාල ලැබූ සෙබළා අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.සෙබළාට පහර දුන් බව කියන පුද්ගලයින් දෙදෙනා ද ආබාධිත සෙබළා විසින් තමනට පහර දුන්නේ යැයි පවසා ගලෙන්බිඳුණුවැව, යකල්ල රෝහලට ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23