මාමණ්ඩිගෙන් මෝල් ගස් පාර කෑ බෑණා මරු වැළඳගනී

මෝල් ගසකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ පුවතක් ගම්පහ, කොටුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙම පහරදීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කොටුගොඩ, ලන්සියා වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු මධුෂාන් නැමැති අයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (01) රාත්‍රියේ බීමතින් තම බිරිඳ හමුවීමට පිහියක් ද රැගෙන ඇයගේ නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ බිරිඳ නිවසේ නොසිටීම හේතුවෙන් ඇයගේ මවගේ ගෙළට පිහිය තබා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස තර්ජනය කරන අවස්ථාවේ දී අදාළ කාන්තාවගේ සැමියා පැමිණ මෙම පුද්ගලයාට මෝල් ගසකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල ද සමඟ ඊයේ රාත්‍රියේම ඔහුව ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස ඇතුළත් කළ පුද්ගලයා එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (02) උදෑසන මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි ගම්පහ පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08