Empty Ad
AFC Banner
Empty Ad

මානව හිමිකම් සුරකිමින් විරෝධතා කරන ලෙසට අමෙරිකාව ඉල්ලයි

පාකිස්තානයේ හිටපු අගමැති ඉම් රාන් ඛාන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් පවතින රජයට බලපෑම් ලෙස විරෝධතා දියත් කරමින් මේ දිනවල වීදි පුරා හටගෙන තිබෙන විරෝධතා සාමකාමී සහ මානව හිමිකම් සුරැකෙන පරිදි පවත්වන ලෙසට අමෙරිකාව ඉල්ලා තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් ඉල්ලා ඇත්තේ සාමකාමීව විරෝධතා දැක්වීමට පාකිස්තාන ජනතාවට ඇති අයිතියට තම රජය සහාය දෙන බවයි.

වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවක දී අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් සාමකාමී විරෝධතා දැක්වීමට පාකිස්තානු ජනතාවගේ අයිතියට එක්සත් ජනපදයේ සහයෝගය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

පාකිස්තානයේ සහ ලොව පුරා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමී රැස්වීම් සහ හමුවීම් වෙනුවෙන් පෙනී සිටින බව‍යි මිලර් අවධාරණය කර ඇත්තේ.

විරෝධතාකරුවන්ට සාමකාමීව කටයුතු කිරීමට සහ ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට අපි දිරිමත් කරමු. ඊට සමගාමීව, මානව හිමිකම්, මූලික නිදහස සහ නීතිය හා සාමය ආරක්ෂා කරමින් පාකිස්තානයේ නීති සහ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන ලෙස අපි පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>