මානව කොමිසම ‌එපා කිවුවත් මණ්ඩලය ලයිට් කපයි – තීරණයට අනුව කටයුතු කරන්න, නැත්නම් අධිකරණයට යන බව මානව හිමිකම් කොමිසම කියයි

විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් එම මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසා තිබෙනවා.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410ක් අවශ්‍ය වන අතර විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකරන අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්දි වූයේ නම් එය වෙනත් දෝෂයක් විය හැකි අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කරනවා.

ඉන්ධන නොමැතිව විදුලිය ලබාදීමට නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.

ඊයේ මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගී වූ අතර එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවයි සභාපතිවරයා කියාසිටියේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පස්වරුවේත් ප්‍රදේශ රැසක විදුලි විසන්ධි වීම් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ මේවන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බවයි.

ඊයේ පැවති සාකච්ඡාවේදී විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා මහජන උපයෝගීතා කොමිසම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කර තිබුණා.

ඒ සඳහා වැය වන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදු කිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවටයි විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිසම විසින් උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල් දින 60ක් ඇතුලත ගෙවීමට සියලුම පාර්ශවයන් එකඟතාව පළකර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත්තේ ඊයේ එළඹුනු තීරණවලට අනුව කටයුතු කර අද පස්වරු 4ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තා කළ යුතු බවයි.

එම විධානය අනුව අදාළ ආයතන කටයුතු නොකළ හොත් මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරසට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවයි දන්වා ඇත්තේ.

Human Rights scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36