විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් එම මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසා තිබෙනවා.
උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410ක් අවශ්‍ය වන අතර විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.
විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකරන අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්දි වූයේ නම් එය වෙනත් දෝෂයක් විය හැකි අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කරනවා.
ඉන්ධන නොමැතිව විදුලිය ලබාදීමට නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.
ඊයේ මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගී වූ අතර එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවයි සභාපතිවරයා කියාසිටියේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පස්වරුවේත් ප්‍රදේශ රැසක විදුලි විසන්ධි වීම් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ මේවන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බවයි.
ඊයේ පැවති සාකච්ඡාවේදී විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා මහජන උපයෝගීතා කොමිසම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කර තිබුණා.
ඒ සඳහා වැය වන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදු කිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවටයි විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිසම විසින් උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ අනුව අදාළ මුදල් දින 60ක් ඇතුලත ගෙවීමට සියලුම පාර්ශවයන් එකඟතාව පළකර තිබුණා.
මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත්තේ ඊයේ එළඹුනු තීරණවලට අනුව කටයුතු කර අද පස්වරු 4ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තා කළ යුතු බවයි.
එම විධානය අනුව අදාළ ආයතන කටයුතු නොකළ හොත් මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරසට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවයි දන්වා ඇත්තේ.















JANATHAWA MODA NOWEE MEWA THADHIN MA MATHAKA THIYA GANNA. ME ANDU AWA KIYALA OYALA APITA KISIMA SETHAK UNE NAHE. APE BATH PATHATA, SAKKUWALATA UN HENAHURAN WELA KADA WATILA APITAMA UHULA GANNA BARI BARAK UNA WITHARAYI. UN JEEATHWENNE APEN ASADHARANA AYUKTHI SAHAGATHA LESA GANNA BADHU SALLI WALIN. EWA API WENUWEN WIYADAM KARANNETH NAHE, KALANAM HOSPITAL WALATA BEHETH, DUPPATUN TA SAHANA DHARA, GOVIYAN TA POHORA, MINISSUNTA JEEWANOPAYA KARAGENA YANNA AWASHYA FUEL, GAS THIYENNA ONA. EWATH MUN GINI GANAN KARALA. APITA MUNGEN ATHI WEDAK NAHE. AYE KISIDAKA ENNA BARI WENNA MUNWA CHANDEKIN PANNALAMA DANNA ONA. MUNGE GEWUNA EKEKUTA CHANDAYA DENNA EPA. WISHSHAYENMA JVP BATH GOTTANTA. UN HEMADAMA HETHTHU UNE UNP EKATH EKKA. HONDIN MATHAKA THIYA GANNA, AMATHAKA KARANNA EPA, MUN ME KENEHILI KAM KARANNE APEMA DARU DARIYAN TA, UN ME AKUL HELANNE RATEYI ANAGATHAYA BARA GANNA INNA PARAMPARAWATA. EYI NISA CHANDAYA AWALANGU KARA ENNA, DENNA EPA EKEKUTA WATH. MUN JANATHAWADHEE WENNE CHANDAYAK AWAMA WITHARAYI. PADI DEEMANA PAHASUKAM WADI KARA GANNAKOTA OKKOMA ATH USSANAWA.
NALINDA ILLANGAKOON ILLAGENA KANNE HADANNE HUMAN RIGHTS COMMISSION EKEN. MEKATA EYALA MADHIHATH UNE CASE EKAK FILE KARANNA KARUNU THIYENA NISA. OYA NADU KAL YANNE NAHE. MASAYAK YANA EKAKUTH NAHE. AHALA DEYI AYE NOKARANNAMA. MUN SAPARADHEE PAWUKARAYO.