මාධ්‍ය තුළ පළවන ඡායාරූප සහ වීඩියෝ පිළිබද පොලිසියෙන් නිවේදනයක්

අධිකරණයේ විභාග වන නඩු, ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත නඩු, එලෙසම තහවුරු නොකරන ලද හා විමර්ශන තත්ත්වයේ පවතින කටයුතු වලට අදාළ වන ඡායාරූප, වීඩියෝ හෝ සංස්කරණය කරන ලද හෝ නොකරන ලද දර්ශන හා Al තාක්ෂණයෙන් සංස්කරණය කරන ලද හෝ නොකරන ලද දර්ශන විවිධ මාධ්‍යයන් ඔස්සේ සංසරණය වන බවත් මෙම දර්ශන මත්ද්‍රව්‍ය වැටලීම, ඇතැම් අපරාධවලට සම්බන්ධ විමර්ශන කටයුතු, ආන්දෝලනාත්මක සිද්ධීන් ආදිය සම්බන්ධව බවද නිරීක්ෂණය වී ඇති බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මෙම ඡායාරූප, වීඩියෝ දර්ශන, එමෙන්ම සංස්කරණය කරන ලද හෝ නොකරන ලද Al දර්ශන අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යන අවස්ථාවන් වලදී එකී විමර්ශනයන්වලදී වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට විවිධ බලපෑම්වලට මෙන්ම අගතිදායක තත්ත්වයන්ටද මුහුණ දීමට සිදු වන බවද පොලිසිය පවසනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආයතන සංග්‍රහයට අනුව මාධ්‍ය වලට ප්‍රවෘත්ති සැපයීමේ සීමා සඳහන්ව ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ට හෝ එම ප්‍රධානියාගේ අභිමතය පරිදි පත් කරන යම් නිලධාරියෙක්ට පමණක් මාධ්‍ය වෙත තොරතුරු සැපයිය හැකි බවත්, ඒ අනුව ඉහත සිදුවීම් වලට අදාළ සත්‍ය හා නිවැරදි තහවුරු කර ගන්නා ලද තොරතුරු ඇතුළත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් පමණක් සියළුම මාධ්‍ය වෙත මුදා හරිනු ලබන අතර එම ඡායාරූප හා වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සෑම වීමට වග කියන බවත් පොලිසිය විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ඉහත පරිදි සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද තොරතුරු සංස්කරණය කරන ලද හෝ නොකරන ලද ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීමේදී ඒ ඒ මාධ්‍ය ප්‍රධානීන් සහ පුද්ගලයින් වගකීම් දරනු ඇති අතර එවන් අවස්ථා වලදී අගතියට පත් පාර්ශවයන් විසින් අධිකරණය තුලදී ප්‍රශ්ණගත ලෙස විමසීමකදී ද එම ආයතන හා පුද්ගලයින් වගකීමකට යටත් වන බව ද පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ පැවසෙනවා.

කෙසේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිළිගෙන ඇති පුරවැසියෙක්ට හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් හෝ සීමා කිරීමක් මෙමඟින් කිසිසේත් සිදුකර නොමැති බවද පොලිසිය විසින් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29