AFC Banner
Empty Ad
Empty Ad

මාතර තාප්පවල ඇලවුණු අමුතු ජාතියේ පෝස්ටර්ස්

මාතර ඓතිහාසික කොටුවට ඇතුල්‍වන දොරකඩ සහ ජනාකීර්ණ ස්ථානයක් වූ මාතර දිස්ත්‍රික් ලේකමි කාර්යාලයට අයත් ආරක්ෂිත තාප්පයේ ස්ථාන කිහිපයක යම් කිසි සංවිධානාත්මක කල්ලියක් හෝ පුද්ගලයෙක් විසින් පෝස්ටර්ස් කිහිපයක් අළවා තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

අද (25) උදෑසන මෙම පෝස්ටර අදාළ තාප්පවල දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

ඒවායේ සටහන් කර ඇත්තේ; ” පාතාලය ජයගනියි!… නීතිඥයින් පාතාලයේ කොන්ත්‍රාත්තු ව ඉටු කරයි..- මාතර අපි ඔබ සමගයි..” යනුවෙනි.

තවත් පෝස්ටරයක ලියා ඇත්තේ ” මාතර අපි ඔබ සමගයි – පාතාලය ජයගනියි – අහිංසක අපිට කාගේ පිහිටක් ද?..” යනුවෙනි.

කෙසේවෙතත් මෙය කවුරුන් විසින් සිදු කරන ලද්දක් දැයි හෝ එම පෝස්ටර්ස්වල අරමුණු කවරේ දැයි මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය මාතර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ; ‘ අදාළ සිදුවීම සම්බන්ධයෙන් බුද්ධි අංශ උපයෝගී කරගනිමින් විමර්ශන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි.”

WhatsApp Image 2024 07 25 at 12.23.27
WhatsApp Image 2024 07 25 at 12.23.26
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
13
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?