මහ වැස්සේ කානුවට වැටුණු තිදරු මවක් මරු දකී – කිලෝමීටරයක පමණ දුරක් ගසා ගෙන ගිහින්

මහනුවරට පෙරේදා (28දා) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මහයියාව පූර්ණවත්ත ප්‍රදේශයේ ජල කානුවකට වැටී ගසාගෙන ගිය තිදරු මවක් මරණයට පත්ව තිබෙනවා.

පූර්ණවත්තේ පිහිටි තම නිවෙස ඉදිරිපිට කානුවේ පොලිතින් ඇතුළු කසළ සිර වී එය පිටාර ගැලීම නිසා අදාළ කාන්තාව ඒවා ඉවත් කිරීමට යෑමේදී කානුවට වැටී ජලපහරත් සමඟ ගසාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබුණා.

ජලපහරට අසුවී ගසාගෙන ගිය කාන්තාව බේරා ගැනීමට ගිය ඇගේ සැමියාද කානුවට ඇද වැටී ජලයේ ගසාගෙන ගොස් තිබෙන බවත් ඔහු අතරමඟදී කානුව හරහා වැටී ඇති නළයක් අල්ලාගෙන දිවිබේරාගෙන තිබෙන බවත් වාර්තා වනවා.

ජලපහරේ ගසාගෙන ගිය කාන්තාවගේ මළසිරුර ඇගේ නිවෙසේ සිට කිලෝමීටරයක පමණ දුරින් මහයියාව බිංගෙය ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38