මහ වැස්සෙන් අස්වැනු නන්නත්තාරයි – ගොවීන්ගෙන් මැසිවිලි (ඡායාරූප)

ජලාශ පිටාර ගැලීම සහ වැසි ජලය බැස නොයාම නිසා වගා බිම් රැසක් හානියට පත්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිදු වගකිව යුතු නිලධාරියෙකු මෙතෙක් පැමිණ නොමැති බව ගොවීන් චෝදනා කරනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, ආරච්චිකට්ටුව, කල්පිටිය, මුන්දලම, පුත්තලම ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක වගා බිම් මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවක් දක්නට ලැබෙනවා.

ජලාශ පිටාර ගැලීම සහ වැසි ජලය බැස නොයාම මෙම තත්ත්වයට හේතුව වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වී,ගොටුකොළ, මුකුණුවැන්න වැනි වගාවන් මෙන් ම ගොඩ බෝග ලෙස සැලකෙන පේර සහ ගස් ලබු වගා බිම් රැසක් ම ජලය බැස නොයාම නිසා හානියට පත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

ජලය එකතු වී ඇති බිම්වල වගා කර තිබූ ගොටුකොළ ඇතුළු පලා වර්ග කඩිනමින් නෙලා අඩු මුදලකට අලෙවි කිරීමට ද ගොවීන් පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් එම පලා වර්ගවල මුල් කුණුවීමේ අවදානමක් ඇති බවට ගොවීන් පෙන්වාදෙනවා.

මාස 02 ක පමණ කාලයක් තිස්සේ පවතින වැසි හේතුවෙන් පේර වගාවන් අතර කිසියම් දිලීර රෝගයක් පැතිර යන ආකාරයක් ද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රමාණවත් තරම් හිරු එළිය නොලැබීම මෙම තත්ත්වයට හේතුව බවත් ගොවීන් කියා සිටිනවා.

මේ අතර ජලය බැස නොයාම නිසා ගස් ලබු වගා බිම් රැසක් විනාශ වෙමින් පවතින බවක් ද දක්නට ලැබෙනවා.

මාස 02කට වැඩි කාලයක් තිස්සේ පවතින වැසි හේතුවෙන් සිදු වී ඇති විනාශය පිළිබඳ ව මෙතෙක් කිසිදු නිලධාරියෙකු පැමිණ සොයා බැලීමක් නොකළ බවට ගොවීන් චෝදනා කරනවා.

සංවර්ධන නිලධාරීන් 74,000 ක් මේ රට තුළ සිටියත් ඒ කිසිදු අයෙකු ගොවීන් සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන බවයි ඔවුන් පවසන්නේ.

පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලීගෙන් අප මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ වගා හානි සම්බන්ධයෙන් තවමත් තොරතුරු එකතු කරමින් සිටින බවයි.

01 scaled
02 scaled
03 scaled
04 scaled
05 scaled
07 scaled
08 scaled
09 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?