මහ මග දමා ගිය හිමිකරුවන් නොමැති යතුරුපැදි පොලිස් භාරයට

පිළියන්දල අවට ප්‍රදේශ කිහිපයක මහ මග දමා ගොස් තිබූ අයිතිකරුවෙකු නොමැති යතුරුපදි 3ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සොරකම් කළ යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම යතුරු පැදි කැස්බෑව ජාලියගොඩ අතුරු මාර්ගයේ, බටකැත්තර මාළු බෝක්කුව අසල සහ බෝකුන්දර මැද්දෝවිට වීරසිංහ මාවතේ දමා ගොස් තිබියදී හමුවූ බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

එම යතුරු පැදි සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව හරහා තොරතුරු ලබාගෙන විමර්ශන සිදුකිරීමට නියමිත බව සඳහන්.

පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් වැටලීම් රාජකාරි සඳහා යමින් සිටියදී සැකකටයුතු ලෙස පැමිණි යතුරු පැදියකට නතර කරන ලෙසට කළ සංඥා නොතකා පලා යාමට තැත් කිරීමේදී එය පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ අදාළ යතුරුපැදිය මීට සතියකට ඉහතදී අඟුලාන ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවටයි.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරා ගත් යතුරුපැදියේ ලියාපදිංචි අංකය වෙනස් කර ඇති බවට ද හෙළි කර තිබෙනවා.

තදින් මත්කුඩු පානයට ඇබ්බැහි ව සිටින 29 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46