මහ බැංකු සේවකයින්ගේ EPF පොළිය 29%ක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සාමාන්‍ය ජනතාවගේ වැටුප්වලින් සේවක අර්ථ සාධක අරමුදල සඳහා අයකර ගනු ලබන මුදල් වෙනුවෙන් ගෙවනු ලබන පොළියට වඩා ඉහළ පොළියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් වෙනුවෙන් ගෙවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

මෙම පෙත්සම අද (20) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුන් මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී එහි වග උත්තරකරුකු වශයෙන් නම්කර සිටින ජනාධිපති ලේකම්වරයා වෙත මෙතෙක් නොතීසි යවා නොමැති බව කරුණු අනාවරණය වුණා.

ඒ, අනුව වගඋත්තරකාර ජනාධිපති ලේකම්වරයා වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කියා සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ වැටුප්වලින් සේවක අර්ථසාධක අරමුදල සඳහා අය කරගනු ලබන මුදල් වෙනුවෙන් සියයට 11ක වාර්ෂික පොළියක් ගෙවන බවයි.

ඒත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් ගෙන් අර්ථසාධක අරමුදල් වෙනුවෙන් සියයට 29ක වාර්ෂික පොළියක් ගෙවීමට පියවර ගන්නා බවත් ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුව ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
14
+1
2
+1
2
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?