මහ බැංකු සේවකයින්ගේ EPF පොළිය 29%ක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සාමාන්‍ය ජනතාවගේ වැටුප්වලින් සේවක අර්ථ සාධක අරමුදල සඳහා අයකර ගනු ලබන මුදල් වෙනුවෙන් ගෙවනු ලබන පොළියට වඩා ඉහළ පොළියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් වෙනුවෙන් ගෙවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

මෙම පෙත්සම අද (20) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුන් මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී එහි වග උත්තරකරුකු වශයෙන් නම්කර සිටින ජනාධිපති ලේකම්වරයා වෙත මෙතෙක් නොතීසි යවා නොමැති බව කරුණු අනාවරණය වුණා.

ඒ, අනුව වගඋත්තරකාර ජනාධිපති ලේකම්වරයා වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කියා සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ වැටුප්වලින් සේවක අර්ථසාධක අරමුදල සඳහා අය කරගනු ලබන මුදල් වෙනුවෙන් සියයට 11ක වාර්ෂික පොළියක් ගෙවන බවයි.

ඒත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් ගෙන් අර්ථසාධක අරමුදල් වෙනුවෙන් සියයට 29ක වාර්ෂික පොළියක් ගෙවීමට පියවර ගන්නා බවත් ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුව ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14