තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට බාධාවන අයුරින් අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කල වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා.
ඒ අනුව පොලිසිය පවසන්නේ අදාළ වීඩියෝවේ සිටින යතුරුපඩිය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගේත් බවයි.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී එම යතුරුපැදිය ආණමඩුව – නවගත්තේගම මාර්ගයේ ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඊයේ (08) පස්වරුවේ නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම යතුරුපැදිය ධාවනය කළ පැදිකරු අපරීක්ෂාකාරි ලෙස හා අන්තරාදායක ලෙස යතුරුපැදිය ධාවනය කර මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට හා යතුරුපැදිකරුවන්ට අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන චෝදනා යටතේ අදාළ යතුරුපැදිය ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 19ක නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවව තිබෙනවා.



