සමාජ මාධ්‍යට එක්කර තිබූ බිරිඳගේ නර්තන වීඩියෝවක් හේතුවෙන්; පොලිස් කොස්තාපල් සැමියාගේ වැඩ තහනම් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ චන්දිගාර් පොලිස් ස්ථානයේ සේවයේ නියුතු කොස්තාපල්වරයෙකුගේ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
කොස්තාපල්වරයාගේ තරුණ බිරිඳ ප්‍රධාන මාර්ගයක නර්තනය යෙදෙන වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍යයට එක්කර තිබෙනවා.
එම මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවන ආකාරයට අදාළ කාන්තාව නර්තනයේ යෙදී ඇති බවයි වාර්තා වන්නේ.
එම කාන්තාවගේ නෑනා විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති එම නර්තනය සමාජ මාධ්‍යට එක්කළ පසු මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ, අදාළ කතාව රථවාහන තදබදය නොසලකා හැර වාහන ගමනා ගමනයට බාධා කර ඇති බවට චෝදනා කරමින්.
පැමිණිල්ල සමබන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය කොස්තාපල්වරයාගේ බිරිඳ සහ ඇගේ නෑනා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා.
කෙසේ වෙතත් බිරිඳ සිදුකළ වරද සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් බිරිඳගේ වරදට සැමියා වූ කොස්තාපල්වරයා සේවය අත්හිටුවීම සාධාරණ ක්‍රියාවක් නොවන බවයි බොහෝ දෙනෙක් පවසා ඇත්තේ.