මහ පාරේ බිරිඳ නටපු නැටිල්ලට කොස්තාපල් සැමියාගේ වැඩ තහනම් (වීඩියෝ)

සමාජ මාධ්‍යට එක්කර තිබූ බිරිඳගේ නර්තන වීඩියෝවක් හේතුවෙන්; පොලිස් කොස්තාපල් සැමියාගේ වැඩ තහනම් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ චන්දිගාර් පොලිස් ස්ථානයේ සේවයේ නියුතු කොස්තාපල්වරයෙකුගේ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කොස්තාපල්වරයාගේ තරුණ බිරිඳ ප්‍රධාන මාර්ගයක නර්තනය යෙදෙන වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍යයට එක්කර තිබෙනවා.

එම මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවන ආකාරයට අදාළ කාන්තාව නර්තනයේ යෙදී ඇති බවයි වාර්තා වන්නේ.

එම කාන්තාවගේ නෑනා විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති එම නර්තනය සමාජ මාධ්‍යට එක්කළ පසු මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ, අදාළ කතාව රථවාහන තදබදය නොසලකා හැර වාහන ගමනා ගමනයට බාධා කර ඇති බවට චෝදනා කරමින්.
පැමිණිල්ල සමබන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය කොස්තාපල්වරයාගේ බිරිඳ සහ ඇගේ නෑනා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත් බිරිඳ සිදුකළ වරද සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බිරිඳගේ වරදට සැමියා වූ කොස්තාපල්වරයා සේවය අත්හිටුවීම සාධාරණ ක්‍රියාවක් නොවන බවයි බොහෝ දෙනෙක් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
48
+1
5
+1
5
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47