මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මිලකට

ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මුදලකට ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) තිස්සමහාරාමයේ පැවැති ගොවි හමුවකට සහභාගි වෙමින්.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ඊයේ හම්බන්තොට ජුල්පල්ලම හා කාවන්තිස්සපුර යන ප්‍රදේශවල දී ආරම්භ වූ අතර ඒ සඳහා පැවැති ගොවි ජන හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

“පසුගිය කාලයේ පොහොර ඇටයක්වත් ගොවි ජනතාවට ලැබුනේ නැහැ. එවැනි වකවානුවක අපි 2022 යල කන්නයේ දී යූරියා පොහොර ගොවි ජනතාවට ලබා දුන්නා. ඒ වනවිට වෙළෙඳ පළේ යූරියා පොහොර මිටියක මිල රුපියල් 42,000ත් ඉක්මවා ගොස් තිබුනා. නමුත් අපි රුපියල් 10,000ට දුන්නා. ඒ සමගම පුද්ගලික අංශය විසින් පොහොර මිල අඩු කිරීම නිසා මේ වනවිට යූරියා මිල රුපියල් 11,000 දක්වා අඩු වුණා. නමුත් පසුගිය මහ කන්නයේ අපි ගොවීන්ට බන්ඩි පොහොර හා යූරියා පොහොර දෙකම දුන්නා. ඒ වගේම මෙවර යල කන්නයේ අපි රජය වශයෙන් මඬ පොහොර සියලු ගොවීන්ටම නොමිලයේ දුන්නා. වගා කන්න තුනකට පසුව මෙවර මහ කන්නයේ දී ගොවීන්ට මඩපොහොර, යූරියා පොහොර හා බන්ඩි පොහොර යන පොහොර වර්ග තුනම ලබා දීමට පියවර ගත්තා. පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ට ලබා දුන් බන්ඩි පොහොර අපි මෙවර රුපියල් 15,000 දක්වා රුපියල් 4,500කින් අඩු කළා. ඒ වගේම ලබන මහ කන්නයේ දී අපි යූරියා පොහොර මිල තවත් අඩු කරනවා. දැන් පුද්ගලික අංශයේ පොහොර මිල වැඩි කර තිබෙනවා. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවක් අද වරායට ආවා. අපි මේවා ලබන සඳුදා සිට සියලුම ගොවි ජන මධ්‍යස්ථානවලට යවනවා. ඒ වගේම අපි ලබන 15දා සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000දක්වා අඩු කරනවා. එවිට පුද්ගලික අංශයටත් මිල අඩු කරන්න සිදු වේවි. කොහොම වුනත් ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට අපි කටයුතු කරනවා. එතකොට ගොවි ජනතාවට එම වරප්‍රසාදය භුක්ති විඳින්න ලැබෙනු ඇති.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?